ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැදින්වීම.

පුරාණයේ මෙම ප්‍රදේශය ගිරිබා රට්ඨය යනුවෙන් හඳුන්වා ඇති බවට මතයක් පවතියි. ගිරිබා රට්ඨය යනු දක්ෂිණ දේශයේ ප්‍රාන්තීය ප්‍රදේශයක් විය. පරාක්‍රම රජතුමාගේ මෙහි සිටි සෙනෙවියා කලා ඔය හරහා දීර්ඝ ශක්තිමත් පාලමක් තනා එගොඩ ඉවුරෙහි වූ අංගමුවට එගොඩ වූ බව මහාවංශයේ සඳහන් වේ. කැළණියේ සිටි රජුගේ බෑණා වූ කාවන්තිස්ස රජුගේ සහෝදරියක් වූ සෝමා දේවියගේ සැමියා වූද, ගිරි අභය රජ කළ ගිරි නුවර වාසයට එවා ඇත. ප්‍රදේශයේ පවතින සෙල් ලිපි හා ඓතිහාසික පුරා වස්තු ඉහත සඳහන් තොරතුරු තහවුරු කරයි.


ඔක්තෝම්බර් - දෙසැම්බර් කාලයට සාමාන්‍ය වර්ෂාවක් පවතින අතර, සෙල්සියස් අංශක 30 – 35 පරාසයක උෂ්ණත්වයකින් හෙබි කුරුණෑගල අග නඟරයක්ව පවතින වයඹ පළාතේ උතුරු සීමා දෙසට මෙම ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. දිස්ත්‍රික් වශයෙන් ගත් කල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල සිට වැඩිම දුරකින් පිහිටි අංක 01 ග්‍රාම නිළධාරි වසම ද පිහිටා ඇත්තේ මෙම කොට්ඨාසය තුළ ය .


ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම සලකා බලන විට උතුරින් කලා ඔය මායිම් වේ. කලා ඔය උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිම වේ. නැඟෙනහිරින් හා දකුණින් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිම් වේ. බටහිර දෙසින් පුත්තලම දිස්ත්‍රික් මායිම වැටී ඇති අතර, කරුවලගස්වැව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම වේ.


අපගේ දැක්ම

මානව හා භෞතික සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවට යහපත් ජිවන තත්වයක් උදාකරදිම.


අපගේ මොහෙවර

ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුක්ත තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීම.


පුවත් සහ සිදුවීම්

Scroll To Top