පෙරටු කාර්යාලය
ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
- කුරුණෑගල සිට අනුරාධපුර 57 මාර්ගයේ එන විට ගල්ගමුව නගරය හමු වේ.එය පසුකර කිගෝ මීටර් 7 එන විට මහගල්කඩවල හන්දිය හමු වේ.මහගල්කඩවල හන්දියෙන් වම් අත පැත්තට හැරී(වරාවැව මාර්ගය)කිලෝ මීටර් 13 ක් එන විට ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේ.
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
කාන්තා කටයුතු අංශය
සමාජ සේවා අංශය
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
- මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
ඉඩම් අංශය
දීමනා පත්‍රයක් බැහැර කරන්නේ කෙසේද?
- ඉල්ලීම් ලිපිය
- දීමනා පත්‍රය හා ජායා පිටපත
- ඉඩමේ පත්ඉරුව
- පැවරුම්ලාභියා ලේ ඟූාතියෙක් නම් උප්පැන්න සහතිකය හා එහි ජායා පිටපත
- දීමනා පත්‍රෙයන් කොටසක් බැහැර කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවෙකු ලවා සකස් කළ පිඹුර(මුල් පිටපත හා ජායා පිටපත
- පැවරුම්ලාභියා ලේ ඟූතියෙකු නොවන පැවරුම්ලාභියාගේ යටතේ යැපෙන අයගේ ,ඉඩම ගොව් පංතියට අයත්ද යනාදි කරුණු ඇතුලත් වාර්තාවක් .එය ග්‍රාම නිලධාරි විසින් සහතික කළ යුතු ය.
- නමේ වෙනසක් ඇතොත් දිවිරුම් ප්‍රකාශ
- ජාතික හැදුනුම් පතේ සහතික කළ පිටපතක්
- දීමනා පත්‍රකරුගේ විවාහ පිටපත
- දීමනා පත්‍රකරුට වෙනත් ඉඩම් ඇති බවට තහවුරු කිරීමට ලිපි ලේඛන-ඔප්පු පිටපත් හා පත්ඉරු
- දීමනා පත්‍රකරුගේ දිව්රුම් ප්‍රකාශය
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
-
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.
















