වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

ගිරිබාව ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි කලාප 3ක් සහ බැංකු සංගම් තුනක් ක්‍රියාත්මක වේ.තවද ප්‍රජා මූල බැංකු සමිතියක්ද පවත්වාලෙන යයි.

කොට්ඨාශයේ මුළු සමෘද්ධිලාභී්න් ප්‍රමාණය 4478 කි. සවි බල ගැනීවීම සදහා පවුල් 35 ක් තෝරා ගන්නා ලදි.

 

එම පවුල් සදහා සමෘද්ධි අරුණළු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 41 ක් සදහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි.ඒ අනුව කෘෂි ව්‍යාපෘති 08 ක් කර්මාන්ත ව්‍යාපෘති 17,සත්ව පාලන ව්‍යාපෘති 09 ක් ධීවර ව්‍යාපෘති 02ක් වෘත්තීය පුහුණූ 01 ක් සහ අලෙවි ව්‍යාපෘති 04 ක් වශයෙන් ලක්ෂ 1,500,000.00 ක මුදලක් වියදම් දරා ඇත.

එම ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සදහා ප්‍රතිලාභීන් විසින් ඉල්ලුම්කරන ලද අදාල භාණ්ඩ ලබා  ඇත.

නිවාස පහසුකම් වර්ධනය කිරීම සදහා ප්‍රතිලාභීන් 04 දෙනෙකු සදහා නිවාස ඉදි කිරීමට 150,000.00 බැගින් ලබා දී එම නිවාස ඉදිකිරීම සදහා අවශ්‍ය සහාය ලබා දෙමින් පවතී.

ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන ගිරිබාව ප්‍රා දේශිය සංවිධානය මගින් කොට්ඨාශයේ ප්‍රජාවගේ සහයෝගය ලබා ගනිමින් ප්‍රජාව වෙනුවෙන් දුප්පත්කම අවම කිරීම සදහා අවශ්‍ය සේවාව ලබා දෙනු ලැබේ.

News & Events

01
Jan2026
First Office Day of 2026

First Office Day of 2026

“A beautiful country – a happy life.”...

Citizen Charter
Scroll To Top